මෙරට ආර්ථිකය යහපත් තත්ත්වයකට පැමිණීමට පෙර එය පෙර තිබූ නරක තත්වයට පත්වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විරෝධතාකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස සඳහන් කළත් එය සිදු නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ බීබීසී ලෝක සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ දිනක ආහාර වේල් තුන සහතික කිරීම තමන්ගේ එක් අරමුණක් බවයි. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කියා සිටින විරෝධතාකරුවන්ගෙන් අදහසට තමන් එකඟ වන නමුත් එය සිදු නොවන බවය. දොස්කීම ක්‍රියාවකට මග පාදන්නේ නෑ, මම මෙහි පැමිණියේ මිනිසුන් පෝෂණය කිරීමට බව ඔහු පැවසීය.
තමන් රාජපක්ෂ රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කිරීමට යන බව ද ඔහු පැවසීය.
0 Comments