පාර්ලිමේන්තුව අද රැස්වෙයි


 නව අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමෙන්  පසු පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (17) පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්ද අද පෙරවරු 8.30 ට පැවැත්වීමට සැලසුම් කර ඇත ඇතිබව වාර්තාවේ. 

මෙතෙක් විපක්ෂයේ අසුන්ගෙන සිටි රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයේ, අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ අසුන් ගැනීමට නියමිතයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරයෙකු ද වන බැවින් ආණ්ඩු පක්ෂයේම ඉදිරිපෙල ආසනයක් ඔහුට හිමිවනු ඇත.

Post a Comment

0 Comments