අන්තර්කාලීන කාලය තුළදී මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති මැතිවරණ නීති ප්‍රතිශෝධනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කර සම්මත කර දෙන්නැයි පාර්ලිමේන්තුවේ සියලුම නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ජනතාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්වයෙන් මුදාගැනීම සඳහා සියලු දෙනාගේම එකඟත්වයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටින බව කොමිසම සඳහන් කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම විසින් මේ බව සඳහන් කර තිබේ


0 Comments