රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට

 


සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල දීම යටතේ රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 09 වනදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් ස්ථාන, විශේෂ විමර්ශන ඒකකයන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති රූපවාහිනී නිවේදිකාව 39 හැවිරිදි වියේ පසුවන කොළඹ 05 නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

අනෙක් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් 21 හැවිරිදි වියේ පදිංචි ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

මේ අතර තවත් සැකකරුවෙක් ඊයේ (18) දික්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඔහු 22 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවය.

මෙම සැකකරුවන්ට සහ සැකකාරිණියට එරෙහිව පරිඝනක අපරාධ පනතේ සටහන් වැරදි යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Post a Comment

0 Comments