අමෙරිකානු ඩොලර් 15,000කට වඩා සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින්ට එම මුදල් බැංකුවල තැන්පත් කිරීම හෝ රුපියල් බවට පරිවර්ථනය කරගැනීම සඳහා සති දෙකක සමා කාලයක් ලබාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ අමෙරිකානු ඩොලර් දස දහසකට අඩු මුදලක් සන්තකයේ තබාගත්තද, එම මුදල තමාට ලැබුණු ආකාරය සනාථ කිරීම අත්‍යවශ්‍ය වන බවය.
ඒ අනුව, ඇමෙරිකානු ඩොලර් 15,000 කට වැඩි මුදල් ප්‍රමාණයක් තමන් සතුව තිබේ නම් බැංකුවල තැන්පත් කර පවතින විනිමය අනුපාතයට අනුව සහ පොලී අනුපාතයට අනුව මුදල් ලබා ගැනීමට කටයුතු කරන ලෙස මහබැංකු අධිපතිවරයා ඉල්ලා සිටියි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී රට තුල දේශපාලන ස්ථාවරයක් කඩිනමින් ඇති කිරීමට කටයුතු නොකරන්නේ නම් තමන් මහබැංකු අධිපති ධුරයෙන් ඉල්ල අස්වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
කෙසේ වෙතත්, අද පැවති මාධ්‍ය හමුවේදී මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ තමන් ඉල්ලා අස් නොවන බවයි.


0 Comments