ශ‍්‍රීලනිප තව පිරිසක් ආණ්ඩුවට.. යන පිරිස මෙන්න..


 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස්දෙනකු ආණ්ඩුවට එක් වනු ඇතැයි එහි ආරංචි මාර්ග කියා සිටියි.

දැනටමත් නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.

මහින්ද අමරවිර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්ප කුමාර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් මෙසේ ආණ්ඩුවට සම්බන්ධ වනු ඇතැයි ද වාර්තා වේ.

මෙම පිරිසෙන් මහින්ද අමරවීර මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ද ඉතුරු සිව්දෙනා ගෙන් තිදෙනෙකු ට රාජ්‍ය අමාත්‍යධුර ට හේතුව ද හිමි වනු ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සහාය දීමට තීරණය කර ඇත්තේ තනතුරු බාර නොගෙන තවදුරටත් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමිනි. පක්ෂයේ එම තීරණය නොතකමින් මෙම පිරිස ආණ්ඩුවට එක්වීමට නියමිතව තිබේ.

Post a Comment

0 Comments