විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යධූරය භාරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එයට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
ජනාධිපතිවරයා ඉවත්වන තුරු අගමැතිධූරය භාර නොගන්නා බව කියමින් නොසිට කඩිනමින් එම වගකීම භාරගෙන රට ස්ථාවර කිරීමට පියවර ගන්නැයි සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටින බවද දයාසිරි ජයසේකර සඳහන් කළේය.
මේ අවස්ථාවේ ජනාධිපතිවරයාද ඉවත් වුවහොත් රට අරාජික වනු ඇතැයිද හෙතෙම පැවසීය.
ජයසේකර මේ බව පැවසුවේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේදී අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
0 Comments