කටුකන බල්ලන් අරගලයට පැනලා.. මේක විනාශ කරන්න හදනවා..

දේශපාලනයේ කටු කන බල්ලන් පිරිසක් පැමිණ ගාලු මුවදොර අරගලය දියාරු කරන්නට උත්සාහ දරන බව එම අරගල කරුවන් ගේ ප්‍රධානීන් චෝදනා කරති.

ගාළු මුවදොර විරෝධතා භූමියේ මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් කියා සිටියේ සර්ව පාක්ෂික කමිටුව යැයි කියාගන්නා පිරිසක් විසින් දේශපාල පක්ෂයක් හමුවී ඔවුන්ට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවයි.

එවන් යෝජනාවලියක් අරගල භූමිය කිසිවකු ඇසින් දැක හෝ නැති බවත් එම යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බවත් ඔවුහු කියා සිටියහ.

අරගල භූමිය විසින් මේ දිනවල යෝජනාවලියක් සකස් කරමින් ඇති බවත් ඉදිරියේදී එය එලි දක්වන බවත් ඔවුන් තව දුරටත් පැවසූහ.


 3

Post a Comment

0 Comments