ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් බෙදාහැරීම ඇරඹෙයි

 


ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් තොග පැමිණීමත් සමග අද (20) අලුයම් කාලයේ සිටම ඉන්ධන පිරවුම්හල් අසල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබුණි.

ගතවූ දින දෙකක කාලය තුළ ඉන්ධන පිරවුම්හල් වලින් ප්‍රෙට්‍රල් නිකුත් නොකිරීමත් සමග බොහෝ පිරිසක් දිගු පෝලිම්වල රැඳී සිටියත් ඔවුන්ට ඉන්ධන ලබා ගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත් අද අලුයම වනවිට ඉන්ධන පිරවුම්හල් රැසක පෙට්‍රල් නිකුත් කිරීම ආරම්භ කර තිබුණි.

මේ අතර මෙරටට ළඟා වූ පෙට්‍රල් නෞකාවකින් ඉන්ධන ගොඩ බෑම අද සිට ආරම්භ කර තිබේ.

එහි පවතින පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 37000 කි.

මේ අතර ලංකා IOC සමාගම ඇනවුම් කළ පෙට්‍රල් නෞකාවක ඉන්ධන තොග ගොඩබෑම ඊයේ (19) රාත්‍රියේ ආරම්භ කර තිබේ.

Post a Comment

0 Comments