ඉන්ධන මිල ඉහළ දැමීම නිසා බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් වෙනස් කිරීම සදහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට බාධා නොවන ආකාරයෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කරන බවයි


0 Comments