තෙවන පාර්ශවයන්ගෙන් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පුද්ගලයන් ඉන්ධන එකතු කරන බවත්, ඛනිජ තෙල් නිෂ්පාදන වෙනත් ද්‍රව සමඟ මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කරන බවත් විමර්ශනවලින් හෙළි වී ඇති බවයි.
මෙවැනි ව්‍යාපාර දිරිමත් නොකරන ලෙසත් ඒ පිළිබඳව බලධාරීන්ට වාර්තා කරන ලෙසත් ඔහු සාමාන්‍ය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.


0 Comments