සියලුම රෝහල්වල දැඩි සත්කාර ඒකක පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය රුධිර වායු විශ්ලේෂක නොමැතිකම හේතුවෙන් එම ඒකක පවත්වාගෙන යාමට නොහැකි දැඩි අර්බුදයක් මතුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ICU හා HDU වල ප්‍රතිකාර ලබන රෝගීන් ඉහළ අවදානමකට ලක්ව ඇති අතර රුධිර වායු විශ්ලේෂක නොමැතිව එම ඒකක පවත්වාගෙන යාම නිෂ්ඵල බවද ඔවුන් පෙන්වා දේ.
විශ්ලේෂක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතික්‍රියාකාරක සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 300ක පමණ මුදලක් ගෙවීමට සිදුව ඇති බව සම්මේලනය පැවසීය.
මාස 4කට වැඩි කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොසැලකිලිමත්කම හේතුවෙන් ප්‍රතික්‍රියාකාරක ලබාදීමට නොහැකි බව අදාළ සමාගම් දන්වා ඇති බවද ඔවුන් පවසති.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙවැනි ගැටලුවලට තාවකාලික විසඳුමක් හෝ දීමට වගකීම් විරහිත වීම හේතුවෙන් සැපයුම්කරුවන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අතර අමාත්‍යාංශයට ණය ලබාදීම හේතුවෙන් ඇතැම් සමාගම් බංකොලොත් වී ඇතැයිද සංගමය කියා සිටී.


0 Comments