පොලිස්පති, STF ප්‍රධානියා ඇතුලු නිලධාරීන් තිදෙනෙකුගෙන් CIDය ප්‍රකාශ ගනී

 


අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොරදී ඉකුත් 09 වැනිදා ඇතිවූ සිද්ධීන්ට අදාලව ප්‍රකාශ ලබාදීම සඳහා පොලිස්පති සී ඩී වික්‍රමරත්න, විශේෂ බලකායේ අණදෙන නිලධාරියා සහ පොලිස් විශේෂ කාර්‍ය අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. 

ඔවුන් පස්වරු 02 යි 30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව වාර්තාවේ. 

මේ අතර ඉකුත් 09 වනදා ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 1,348 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔවුන්ගෙන් 638 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

Post a Comment

0 Comments