සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරඟාවලියේ පැවැත් වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 128 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 36 ක්, චරිත් අසලංක ලකුණු 38 ක්, දනුෂ්ක ගුණතිලක ලකුණු 26 ක් හා වනිඳු හසරංග ලකුණු 17 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම 14 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් David Warner ලකුණු 70 ක් හා නායක Aaron Finch ලකුණු 61 ක් ලබා ගැනීමට සමත් වුණා.
0 Comments