ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි නොවූ වයස අවුරුදු දහ අට සම්පූර්ණ වූ තරුණ තරුණියන්ගේ තාවකාලික ලේඛනයක් ග්‍රාම නිලධාරීන් මගින් සකස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඊට හේතු වී ඇත්තේ නියමිත කාලය වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළ හොත් මෙම තරුණ තරුණියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමටය. මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ අතර පැවැති සාකච්ඡාවේදී ඉදිරිපත් වූ මෙම යෝජනාවට කොමිසමේ අනුමැතිය හිමි වී ඇත.
යම් හෙයකින් තරුණ තරුණියන් අවස්ථා දෙකක ලියාපදිංචි වී තිබුණොත් පරිගණක පද්ධතිය මගින් එක් ලියාපදිංචි වීමත් අවලංගු කළ හැකි බවද කොමිසමේ නිලධාරීන් පෙන්වා දී තිබේ. තරුණ පරම්පරාවට කඩිනමින් ඡන්ද බලය ලබා දීමද මෙහි අරමුණකි. මැතිවරණ කොමිසම පෙන්වා දී ඇත්තේ නවක ඡන්දදායකයන් ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිටින බවයි.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීමටද මෙහිදී තීරණය කර ඇත.


0 Comments