ද්විත්ව පුරවැසිභාවයට අයදුම්පත් 22000ක් හිරවෙලා

 


ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම්පත්‍ර 22,388 ලැබී ඇතත් විවිධ හේතු මත ඒවායේ කටයුතු නිම කිරීම ප්‍රමාද වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත.

මේ ඉල්ලුම්පත් ලැබී තිබුණේ 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වසර දෙකක කාලයේදී වූ නමුත් කටයුතු නිම කර තිබුණේ අයදුම්පත් 10077ක පමණක් බව එහිදී හෙළිවී වී තිබේ.

මුදල් ගෙවීමේ ප්‍රමාදය ලියකියවිලි අඩුපාඩු , ආරක්ෂක නිෂ්කාශන සහතික ප්‍රමාදවීම , අයදුම්පත් විශාල ප්‍රමාණයක් අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා එකවර ඉදිරිපත් කළ විට අමාත්‍යවරයාගේ අත්සන ලබා ගැනීම ප්‍රමාද වීම වැනි හේතු මත ද්විත්ව පුරවැසිභාවය ලබාදීම ප්‍රමාද වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති බවට වාර්තා වී ඇත.

එක් අයෙකු හෝ දෙදෙනාම ශ්‍රී ලාංකිකයන් වන මවුපියන්ට දාව විදේශ රටවල උපත ලැබූ දරුවන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇති ප්‍රමාදයන් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කළ කාරක සභාව මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවට නිලධාරීන්ට නිර්දේශ කළේය.

Post a Comment

0 Comments