මෙම වසරේ දැනට නිකුත් කළ විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව ලක්ෂ 3 ට ආසන්න වෙයි

 


2022 වසරේ මුල් මාස පහ තුළ පුද්ගලයන් 288,645 දෙනෙකු විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ආර්ථික අර්බුද හේතුවෙන් බොහෝ පිරිසක් විදේශ රැකියා සඳහා යොමුවී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර සඳහන් කරන්නේ.

මේ වසරේ ජනවාරි මාසයේදී විදේශ ගමන් බලපත්‍ර 52,278 ක් ලබාගෙන ඇති අතර පෙබරවාරි මාසයේදී 55,381 ක්, මාර්තු මාසයේදී 74,890 ක්, අප්‍රේල් 53,151 ක් සහ මැයි මාසයේදී 52,945 ක් ලබාගෙන ඇති බවයි ඇය සඳහන් කරන්නේ.

පසුගිය වසරේ (2021) මුළු කාලය සඳහාම නිකුත් කර ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර 382,506ක් පමණක් බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Post a Comment

0 Comments