යාපනය පේදුරුතුඩුව සුපර්මඩම් ප්රදේශයේදී පුද්ගලයින් දෙපාර්සවයක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමේන් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කොට ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.
සුපර්මඩම් ප්රදේශයේ පිහිටි අතුරු මාර්ගයක පළමුවෙන්ම පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින්බස් වීමක් දුරුදිග යාමෙන් පහරදීගැනීමක් දක්වා වර්ධනය වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් තියුනු ආයුධද භාවිතාකරමින් පහරදීගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
එහිදී දෙපාර්සවයේම තිදෙනා බැගින් තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට ඇති අතර පෞද්ගලික හේතුවක් මත මෙම ගැටුම ඇතිවී තිබෙන බවටද පොලීසිය සැකපල කොට සිටියි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පහරදීගැනීම් සිදුකල සෙසු පුද්ගලයින් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
0 Comments