රජයේ අමාත්‍ය තනතුරු ලබාගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයේ දරණ සියලු තනතුරු වලින් ඉවත් කරන බව හිටපු ජනාධිපති එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදි තීරණය කළ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් රජය පොදු මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සදහා පමණක් පක්ෂයක් ලෙස දැක්වීම බවයි.
එම තීරණයට පටහැණිව රජයේ අමාත්‍ය ධූරයක් ලබාගන්නා යම් මන්ත්‍රීවරයකු වේ නම්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දරණ සියලු තනතුරු වලින් ඉවත් කළ යුතු යැයි මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය බව මෛත්‍රීපාල සිරිසේන නික්තු කළ නිවේදනයේ දැක්වේ.
0 Comments