සීනි සමාගමට සමාජශාලාවක්

 


ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත ඒකකයේ සේවයකරන මාණ්ඩලික , විධායක සහ ඉන් පහළ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා සමාජශාලාවක් පසුගියදා විවෘත කර ඇති බවට වාර්තා වී ඇත.

සමාජශාලාව නවීන පහසුකම් යටතේ අලංකාරවත් එළිමහනක් සහිතව ප්‍රතිසංස්කරණය කර සේවකයන් වෙත මෙසේ ලබාදීමට කටයුතුකර තිබේ.

කලක් වසා දමා තිබූ සමාජශාලා ගොඩනැඟිල්ල අලුත්වැඩියාකර විවෘත කිරීම ලංකා සීනී සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර , ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්‍ර , ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (පැල්වත්ත) මේජර් වජිර කුමාරතුංග යන අයගේ ප්‍රධානත්වයෙන් සිදු වී ඇත.

Post a Comment

0 Comments