තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘෘ මෙම ඉල්ලීම කර තිබුණේ මෙම පෙත්සම අද (09) සලකාබැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී ය.
ඔහු සඳහන් කර සිටියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් ඊයේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කළ බවත් එම නිසා මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකි බවත් ය.
පෙත්සම සලකා බැලීම මේ වනවිට ආරම්භ වී තිබේ.


0 Comments