ධම්මික පෙරේරාගේ නිවස වටලයි

 


ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයක නිරත වී ඇති බවට වාර්තා වේ.

අප වාර්තාකරු පැවසූවේ, ධම්මික පෙරේරා විසින් පැහැර හැර ඇතැයි පැවසෙන බදු මුදල් ගෙවන ලෙස බලකරමින් විරෝධතාකරුවන් එලෙස විරෝධය දැක්වූ බවය.

ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඉන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා නම්කර තිබුණි.

Post a Comment

0 Comments