අවශ්‍ය ඕනෑම මොහොතක හයේ පහරක් එල්ල කළ හැකි ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිලේ සිටින බව එක්දින හා විස්සයි විස්ස නායක දසුන් ශානක පවසයි.
එළඹෙන ඔස්ට්‍රේලියානු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය පිළිබදව අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
"පහුගිය තරගාවලි දෙක ගත්තොතින් පිතිකරණ අංශයේ පසුබෑමක් තිබ්බේ නෑ. මොකද ගොඩක්ම වුනේ අපේ ක්‍රීඩකයින්ට කොවිඩ් ආසාදනය වුණා. ඒ වගේ විවිධ ආබාධ වලට මුහුණ දුන්නා. ඒක නිසා තමයි අපේ ටීම් පර්ෆෝම් එක නැති වුණේ.
ෆුල් සයිඩ් එක හිටියා නම් අපිට ඔස්ට්‍රේලියානු තරගාවලිය වගේම ඉන්දියානු තරගාවලිය ජයග්‍රහණය කරන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා.
අපේ ක්‍රීඩකයන්ව හයිලයිට් වෙන්නේ LPL, IPL වගේ තරගාවලි වලට ගියොත්. එතකොට තමයි හයේ ඒවා ගහනවා දකින්නේ. අපේ බැරිකමක් නොහැකියාවක් නෙමෙයි තියෙන්නේ. මිනිස්සු දැකලා නැති එකක් තියෙන්නේ. තරග නරඹන්න එනවාත් අඩුයි. මම හිතන්නේ අපි සතුව ඉන්නවා දක්ෂ ක්‍රීඩකයෝ.
භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, චරිත් හසලංක, කුසල් මෙන්ඩිස් උඩ සිට නොම්මර 8 වෙනකන් ඉන්නේ ඔනේ වෙලාවක හයේ පහර එකක් ගහන්න පුළුවන් ක්‍රීඩකයෝ. ඉතිං මං විශ්වාස කරනවා ඔවුන් ආ සමානව අපිටත් පිතිකරුවෝ ඉන්නවා."
0 Comments