දුරකථන ඇමතුම් ගාස්තු ඉහළට

 විදුලි සංදේශ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.

එම කොමිසම ප්‍රකාශ කළේ 11.25% ක්ව පැවැති විදුලි සංදේශ බද්ද 15%ක් දක්වා ඉහළ නැංවෙන අතර මේ හේතුවෙන් අද මධ්‍යම රාත්‍රී සිට දුරකථන ගාස්තු ඉහළ යන බවයි.

ඊට අමතරව 8%ක්ව පැවති එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 12 දක්වා ඉහළ නැංවීම හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තු 8%කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවන බව විදුලි සංදේශ නියාමන කොමිසම වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ නමුත් අන්තර්ජාල ගාස්තු සඳහා විදුලි සංදේශ බද්දෙන් බලපෑමක් නොමැති අතර අතර වැට් බද්ද අනුව එම ගාස්තු 4% කින් ඉහළ යයි.

Post a Comment

0 Comments