තංගල්ල වෙඩික්කරුගේ යතුරුපැදිය හමුවෙයි

 


තංගල්ල,මොටකැටිආර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයන් පැමිණි යතුරුපැදිය පහජ්ජාව‍, දෙද්දුවල මාර්ගයේ දමාගොස් තිබීයදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

තංගල්ල මොටකැටිආර ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රී 7ට පමණ තංගල්ල – කතරගම මාර්ගයේ ගමන් කරමින් තිබූ කැබ් රථයක ගමන් කරමින් සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

එම වෙඩිතැබීමෙන් කැබ් රථයේ රියදුරා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රියදුරා මියගොස් ඇත.එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලිසිය අනුමාන කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment

0 Comments