අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා වැනි අහිංසක පුද්ගලයෙක් මරා දැමූ අරගලකරුවන්ගේ හිත්වල වෛරය සහ ලේ තැවරී ඇති බවත් එහෙයින් අරගලය තවදුරටත් අහිංසක හා සාමකාමී එකක් නොවන බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. හෙතෙම මේ අදහස් පැවැසුවේ අද ( 10) පාර්ලිමේන්තුව අමතමින් කතා කරමිනි.
ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සම්බන්ධයෙන් වන ශෝක යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අගමැතිවරයා අද පාර්ලිමේන්තුව ඇමැතුවේ හරියටම මාසයකට පසුව වීම විශේෂත්වයකි.
මන්ත්‍රීවරයා ඝාතනය වී මාසයක් පිරෙන අද දිනඑම ඝාතනයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියේය.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද එක අතක කළු පටියක් බැද සිටිනු දක්නට ලැබුණි.
මෙහිදී අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ සඳහාන් කළේ, අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා ප්‍රදේශයේ ජනතාවට යමක් සිදු කිරීමට උපරිමයෙන් උත්සාහ කළ අහිංසක පුද්ගලයකු බවයි.
එදා අරගල භූමියේ සිටි ආගමික නායකයින්ද මෙම ඝාතන නැවැත්වීමට කතා නොකළ බව හිටපු අගමැති වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
0 Comments