ලංකාවට බෙහෙත් ටිකක් ගන්න ඉන්දියාවෙ හිඟන්නො සල්ලි එකතු කරල දුන්නා…


 රජය විසින් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා .එවැනි කෙටුම්පතක් තවමත් දැක නැති බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත් කැබිනට් අනුමැතියක් ද ලබා නොගත් බවත් රජයට එච්චර හිදිසි නම් සමගි ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනය ගේනන හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය .

වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

‘රජය ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා. නමුත් ඒ කතා කරන ව්‍යවස්ථා සංශෝධනය තවමත් හරියට කිසි කෙනෙක් දැකලා නැහැ. ඒ වගේම පොහොට්ටුවේ සමහර අය කියනවා මේක සම්මත කරන්න කලින් ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න කියලා. කෙසේ වුණත් මේ ව්‍යවස්ථා සංශෝධනයක් තවම කිසි කෙනෙක් දැකලා නැහැ .මෙහිදී මුළු රටම අද සාකච්ඡා කරන්නේ රජය විසින් අවසන් තීරණයක් ගත්තෙ නැති ව්‍යවස්ථා සංශෝධනයක් ගැනයි.

ලබන මාසයේ 6 වෙනිදා මේ අය හදන එක කැබිනට් එකේ අනුමත වෙනවා. ඉන්පසු එය ගැසට් කරන්න ඕන .ඊට පස්සේ පාර්ලිමේන්තුවට පළවෙනි වාර කියවීමට ගේනවා. ඊට පස්සේ නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ශ්‍රේෂ්ඨාධිකරණයට ගේනවා. ඒ තීන්දුව අනුව දෙවැනි වර කියවීමට පාර්ලිමේන්තුවට නැවත ගේනවා ලබන 6 වැනිදා මෙය අනුමත කෙරුවා කියන පදනම මත මේ ක්‍රියාදාමය අවසන් වෙන්න අඩමු මාස තුනක්වත් යනවා. රජය කියනවා මේක හදිස්සියි කියලා. රටේ ජනතාව මේක බලාපොරොත්තු වෙන බව කියනවා අපිට බලාගෙන ඉන්න බෑ කියනවා. නමුත් අපි රජයට කියන්නේ ඔය කියන විදිහට හදිසි නම් සමගි ජන බලවේගය ඉදිරිපත් කරපු ව්‍යවස්ථා සංශෝධනයක් තියෙනවා ඒකෙ තමයි ඇත්තටම පාර්ලිමේන්තුවේ ලියාපදිංචි කරලා තියෙන 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය .ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කිව්වට එහෙම එකක් නැහැ රජයට 21ට අයිතියකුත් නැහැ. ඒක ගෙනල්ලා තියෙන්නේ අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා එය ඉදිරිපත් කර තිබෙනවා .ඒ යෝජනාව දැන් සෑහෙන දුරක් ගිහින් ඉවරයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කවුරුත් විරුද්ධ වුණේ නෑ .ගැසට් කලා දැන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තියෙනවා. මේ මාසයේ 15 ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලැබෙනවානම් රජයට කියනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. අපි ඉදිරිපත් කර සංශෝධනය එහි වගන්ති ගණනක් තියෙනවා පළමු එක විධායක බලතල ඉවත් කරලා ඒ බලතල පාර්ලිමේන්තුවට සහ අගමැතිවරයාට ලබා දෙන්න, ඒ වගේම ව්‍යවස්ථාදායක සභාව ගැන , මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනයානුකූලව පියවර ගත්තොත් තමන්ගේ මන්ත්‍රීකම අහෝසි වෙනවා අපි අධිකරණයට යන්න බැරි ආකාරයට වගන්තියක් ඉදිරිපත් කරලා තිබෙනවා .මේ ආණ්ඩුව හදලා තියෙන්නේ එහෙමයි විපක්ෂයේ මන්ත්‍රීවරු හයිජැක් කරලා මේ ආණ්ඩුව හදලා තියෙන්නේ . මන්ත්‍රීවරු මංකොල්ලකාලා ඒ වගේම අපි සිකුරුටි කවුන්සලයක් එකක් හෝ අපේ රටේ තියෙන ජාතික ආරක්ෂක කවුන්සලයේ විවස්ථාවේ සඳහනක් නැහැ ඒකත් ව්‍යවස්ථාවට දාලා තියෙනවා. මේ වගේ ආණ්ඩුව කරනවා කියන ව්‍යවස්ථා සංශෝධනය අපි දැකලා නැහැ ඒකෙ මොනවද තියෙනවද කියන්න අපි දන්නේ නැහැ.අපි විද්වතුන්ගේ රාජ සභාවක් එහි තියෙනවා ජනතාව ඉල්ලන සියලු සංශෝධන අපේ 21වන ව්‍යවස්තා සංශෝධනය තියෙනවා .හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියන්න පුළුවන් විධායක ජනාධිපති තුමාගේ බලතල පාර්ලිමේන්තුවට දෙන්න නම් ජනමත විචාරණයක් තියන්න කියලා .නමුත් මම කියනවා අපිට මාසයක් ඇතුලත ජනමතවිචාරණයක් නොතියන්න හේතුවක් නැහැ. මොකද විධායක ජනාධිපති ධුරය ආරම්භ කරපු දවසේ ඉදන් පස්සේ ආපහු සෑම ජනාධිපතිවරයෙක් ම මේක අහෝසි කරනවා කියලා තියෙනවා. නමුත් එය සිදු වෙලා නැහැ.

මේක හොඳ අවස්ථාවක් රජය අවංක නම් දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියනවා මම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න අවශ්‍ය පියවර ගන්නවා කියලා ජාතිය අමතලා කිව්වා.ඒ පියවර අපි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. රජය අවංක නම් අපි කියනවා මෙය පාර්ලිමේන්තුවට දාලා 150ක් පෙන්නන්න .නමුත් මම කියනවා රජය අවංක නෑ .විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන එක සිදු වෙන්නේ නැහැ .අපි රජයට කියනවා ඕන නම් රජයට පුළුවන් ජනමතවිචාරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි එක දවසේ තියන්න. මොකද මේ ආණ්ඩුව පච වෙලා ඉන්නේ. දේශීය වශයෙන් පිළිගැනීමක්, ජාත්‍යන්තර පිළිගැනීමක් නැහැ. මොකද මම කලිනුත් කිව්වා පැහැදිලිව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගන්න නම් ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්න ඕන අද වන තෙක් එය ඉදිරිපත් කරලා නැහැ දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න ඕන. ඒ දෙකම තවම කරල නැහැ. සිල්ලර හම්බ වෙනවා බෙහෙත් ටිකක් ගන්න ඉන්දියාව හිඟන්නො ටිකකුත් එකතු කරල දුන්නා. ඒ වගේ ආධාර හම්බ වෙනවා. නමුත් රට ගොඩ දාන්න පුළුවන් ආධාරයක් තවම ලැබිලා නැහැ මේ රජයට කියන්නේ අපි තමයි විසි එක් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘ වරයා රජය තවම පාර්ලිමේන්තුව කිසිවක් ගෙනල්ලා නැහැ ඒගොල්ලෝ කියනවා ගේනවා කියලා නමුත් එය හදලා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා නැහැ .නමුත් අපි හදපු 21 පාර්ලිමේන්තුවට දාලා විරුද්ධත්වයක් නැතුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තර්ක කරනවා ඒ තීරණය මේ මාසයේ ආපු ගමන් පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වගේම ජනමතවිචාරණය කුත් තියන්න පුළුවන් හැමදාම කියන දෙයක් තමයි රජයට පිළිගැනීමක් නැහැ ඒ වගේම ජනතාව කියනවා 225ම එපා කියලා ඇත්තවශයෙන්ම අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මේ රටේ ප්‍රශ්න විසඳන්න අලුත් පාර්ලිමේන්තුවක් ඕන. එසේ අලුත් ආණ්ඩුවක් පත් වුණාම රටේ ජනතාවත් කල් දෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවත් කැමති වෙනවා අලුත් ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරන්න. එවැනි තත්ත්වයක් තියෙන්නේ එක දවසෙන් ජනමතවිචාරණය ක් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න පුළුවන් කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවට ගියාම අපටත් පේනවා මේක පිලුණු වෙලා එහාට මෙහාට පැන්න මිනිස්සු ඉන්නේ කිසිම ජනපදනමක් නැති මිනිස්සු. ඇත්ත වශයෙන්ම මන්ත්‍රීවරයෙකුට ඒ ශක්තිය එන්නේ ජන පදනමක් තියෙනවා නම් පාර්ලිමේන්තුවට තේරුණාම විශාල හයියක් එනවා ඡන්දයෙන් ආවේ කියලා දැනෙන්න මන්ත්‍රීවරුන්ට ඒ හයිය නැහැ මොකද ජන පදනම සම්පූර්ණම විනාශ තකොට මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි එහෙන් මෙහෙන් මන්ත්‍රීවරු වරම් හද පාණ්ඩුවක් අපි රජයට කියන්නේ අපි ඉදිරිපත් කරපු 21වෙනි විවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුයට ගේන්න කියලා රජය මේ අවස්ථාවේ කරන්න ඕන සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ව්‍යවස්තා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන්න.

නමුත් මට පේන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි එනකන් මේ අය කල් මරනවා’

Post a Comment

0 Comments