වැට් බද්ධ ඇතුළු බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමෙන් බස් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
කොළඹදි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ඉදිරියේදී බස් ගාස්තු වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.
බස් කර්මාන්තයට අදාළ මෙවන් ගැටළු සදහා නිසි විසදුමක් හිමි නොවන්නේ නම් ලබන සදුදා (6) පෞද්ගලික බස් ධාවනය අත්හිටුවීමට සිදුවනු ඇතැයි ගැමුණු විජේරත්න පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මෙලෙස අදහස් දැක්වීය….
වැට් බද්ධ වැඩි කිරීම සෘජුවම බස් කර්මාන්තයට බලපානවා. 8% තිබ්බ වැට් එක තව 4කින් වැඩි වෙලා 12%ක් වෙලා තියෙනවා. මොකද මේ වැට් එක සියල්ලටම ආදේශ වෙනවා. මේ ව්‍යාපාරිකයින්ට බදු ගහන්නේ. එතකොට ඒ ව්‍යාපාරිකයා පාඩු ලබන්නේ නැතිව ව්‍යාපාරිකයා කරන්නේ එ්ක ජනතාව පිට පටවනවා. ඒකෙන් වෙන්නේ ජනතාව තවත් කබලෙන් ලිපට වැටෙන එක. භාණ්ඩ මිල වැඩිවීමත් එක්ක ජීවත්ව ඉන්න බැරිව ඉන්නකොට තවත් බදු ගැහුවාම කොහොමද ?
දැන් ජූලි මාසයේ බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ මිනිස්සුන්ට බස් එකේ යන්න පුළුවන්ද ? මිනිස්සු අසරණ වෙලා ඉන්නවා දෙයියනේ. බස් ගාස්තු වැඩි කරන්න වැඩි කරන්න මිනිස්සුන්ට තව තවත් පීඩනය වැඩි වෙනවා. ඒක නිසා අපි කියන්නේ මේ බදු බර වැඩි කරන්න එපා. බදු බර වැඩි කිරීම තුළ මිනිස්සු තව තවත් පීඩාවට පත් වෙනවා. මොකද අපිට පාඩුවක් වුනාම අපි ඊළගට බස් ගාස්තුව වැඩි කරනවා කියනවා. ඉතිං බස් ගාස්තු වැඩිකිරීම මේක විකල්පයක් නෙමෙයි. අපි බස් සංගම් සමග සාකච්ඡා කරනවා. මේ සතිය ඇතුළත අපිට නිශ්චිත වැඩිපිළිවෙළක් අනිවාර්ය යෙන්ම කරන්න ඔ්නේ. එහෙම නොවුනොත් අපිට ලබන සදුදා (ජුනි 6) සිට බස් ධාවනය නවත්වන්න සිදුවේවි. දැන් දුවන්නේ බස් පොඩි ප්‍රමාණයයි. ඉතිං ඒ බස් ටිකත් අපිට නවත්වන්න සිද්ධ වේවි.
0 Comments