කිලිනොච්චිය, මරුදනගර් ප්‍රදේශයේ වතුර ඇළකට වැටී වයස අවුරුදු එකහාමාරක දරුවෙකු ඊයේ (04) දින සවස මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.
මිය ගිය දරුවාගේ නිවස ආසන්නයෙන් ප්‍රදේශයේ කුඹුරුවලට ජලය රැගෙන යන ඇළමාර්ගයක් පිහිටා ඇති අතර එම වතුර ඇලට වැටීමෙන් මෙම දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය අනාවරනය කොට ගෙන ඇත.
මිය ගිය දරුව ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර මව නිවස තුල ආහාර පිසමින් සිටි බවට තොරතුරු අනාවරනය වී ඇති බවටත් එහිදී දරුවා ආසන්නයේ පිහිටි වතුර ඇලේ ජලය දැක සෙල්ලම් කිරීමට සිතා යාමේදී වතුර ඇලට වැටී දියේ ගිලීමෙන් මෙම මරණය සිදුවී ඇතැයි පොලීසිය සැක පල කොට සිටියේය.
එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය , මරුදනගර්හි පදිංචි අවුරුදු එකහමාරක් වයසැති නිශාන්තන් සබීසන් නැමති පිරිමි දරුවෙකි.
මිය ගිය දරුවාගේ මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය මහරෝහලට රැගෙන ගොස් ඇති අතර දෙමාපියන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මෙලෙස දරුවන්ගේ ජීවිත අහිමි වන බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
0 Comments