ප්‍රසන්න රණතුංගට වසර දෙකක් බරපතල වැඩ සහිත සිර දඩුවමක්

 


ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංගට අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (06) නියෝග කළේ ය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද මෙසේ මහාධිකරණය ඉදිරියේ වරදකරුවකු වී දඩුවම් ලැබුවේ ඔහු බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ කළ ක්‍රියාකරකම්ක් සම්බන්ධයෙනි.

2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජූනි මස 2 වන දා අතර කාලසීමාව තුළ ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට වූ චෝදනාවකට වරදකරු ලෙස ප්‍රසන්න රණතුංග නම් කිරීමට මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද නියෝග කළේ ය.

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

ඒ අනුව, පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත් බවට වන චෝදනාව සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහාධිකරණය ඉදිරියේ වරද කරුවකු විය.

මෙම නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි මීට පෙර අවසන් කර තිබුණු අතර එහි තීන්දුව ලබා දීම අද දිනට නියම වී තිබිණ.

මෙම නඩුවේ තුන් වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මග හැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබිණි.


Post a Comment

0 Comments