ඉන්ධන බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැඳී සිටින ජනතාවට ඊයෙ දී ලබාදුන් ටෝකන් අවලංගු වන තත්වයක් උදාවී තිබේ. ඒ එළඹෙන 10 වෙනිදා තෙක් ඉන්ධන සාමාන්‍ය ජනතාවට නිකුත් නොකරන බවට රජය තීරණය කිරීමත් සමඟයි.
ඊයේ දිනයේ ඉන්ධන පිරවුම්හල් රාශියක ටෝකන් පත‍්‍ර නිකුත් කරන ලද්දේ දින දෙක තුනක් ඇතුලත ඉන්ධන ලබා දෙන බවට ද සඳහන් කරමිනි.
එම ටෝකන් ලබා ගැනීම සඳහා ජනතාව දීර්ඝ පෝලිම්වල රැඳී සිටීමට ඊයේ දිනයේ කටයුතු කරන ලදී.
මේ අතර පසුව ඉන්ධන සංචිත සම්පූර්ණයෙන්ම සිදී යාම මත පසුව ගෙවීමේ පදනම මත ඉන්ධන ලබා ගැනීම සඳහා මෙරට අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම විදේශගත වී ඇත.
බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා කටාර් රාජ්‍යය බලා ගොස් ඇත්තේ එරටින් ණය පදනම මත ඉන්ධන ලබා ගැනීමේ සාකච්ඡාවක් සඳහාය.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද රුසියාව බලා ගොස් ඇත්තේ පසුව ගෙවීමේ පදනමට රුසියාවේ ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවට ණය ගෙවීමේ හැකියාවක් නැති නිසා ණය නොගෙවන බව රජය විසින් ප‍්‍රකාශයට පත් කිරීමත් සමග ජාත්‍යන්තරය සමග ණය ගණුදෙනු ඉතා අසීරු වී ඇත.


0 Comments