භූමිතෙල් ලබාදෙන ලෙස බලකරමින් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය මල්ලිවෙප්පු ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් විරෝධතාවක නිරතව සිටි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හලකින් අද (25) භුමිතෙල් මිලදී ගැනිමේ අපේක්ෂාවෙන් පෝලිම්වල රැඳීසිටි දෙදහසක් පමණ පිරිස මෙලෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටි.
ඉකුත් 09 වනදායි පසු අද වන තෙක් හැටන් ප්‍රදේශයට භුමිතෙල් තොග නොලැබුණු බවට එම පිරිස චෝදනා කරති.
එම පිරිස කියා සිටියේ හැටන් ප්‍රදේශයේ පවතින ගැස් හිගය , විදුලි කප්පාදුව හේතුවෙන් තමන් භුමිතෙල් නොමැතිව දැඩි පිඩාවට පත්වි සිටින බවයි.


0 Comments