සැමියාට පොලිසියෙන් පහරදීමට යද්දී බිරිය සටනට සැරසුනු හැටි(වීඩියෝ)

 


අධිවේගී මාර්ගයේ නීතිවිරෝධී අයුරින් ගමන් කිරීමට ගිය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයාට පොලිස් නිලධාරියකු පහරදීමට උත්සහා දරන වීඩියෝවක් ද නිකුත් වී ඇත.

දිලිප් වෙදආරච්චිගේ ප්‍රත්‍රයා හා ඔහුගේ බිරිය පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් ඇත.

මන්ත්‍රී පුත්‍රයා තමන් ගමන් කරන කැබ් රථයේ පසුපස ශීතකරණයක් රැගෙන යාමට ගත් උත්සහයකදී මෙම ආරවුල ඇති වී ඇති බව පෙනේ. මන්ත්‍රී පුත්‍රයා මෙම ශීතකරණය මින් පෙර ද වතාවක් මෙලෙස මෙම මාර්ගයේ රැගෙන ගොස් ඇති බව මෙම වීඩියෝවේ ඔහු පවසනු ඇසේ.

මන්ත්‍රී පුත්‍රයාට පොලිස් නිලධාරීයකු කොලරයෙන් ඇද පහරදීමට තැත් කරන ආකාරය හා මන්ත්‍රි පුත්‍රයාගේ බිරිය ඊට විරෝධය පාන අයුරු වීඩියෝවේ දැක් වේ.

Post a Comment

0 Comments