වතුර බිල ගැන පණිවුඩයක්


 ජල පාරිභෝගිකයින්ට සිය බිල්පත ඊමේල් මගින් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ සඳහා 07193 99999 අංකයට ජල ගිණුම් අංකය සහ ඊමේල් ලිපිනය යොමුකළ යුතු වේ.

කෙසේනමුත් ඉදිරි මාස 03 ක කාලය සඳහා ජල බිල්පත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කරන කඩදාසි මණ්ඩලය සතුව පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය වාණිජ සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ පැවසීය.

Post a Comment

0 Comments