රුසියාවෙන් ඉන්ධන ගන්නවා.. වෙන කරන්න දෙයක් නෑ..- අගමැති රනිල්

 


ඉදිරියේදී රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට සිදු විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රට තුළ පවතින දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම පියවරට යා යුතුව ඇතැයිද හෙතෙම කියා සිටී.

රුසියානු රජය විසින් මෙරට තිරිඟු පිරිනමා ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

අගමැතිවරයා මේ බව සදහන් කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා සිදු කරමින් සිටින බවයි.

Post a Comment

0 Comments