මහබැංකු අධිපති ඉවත් කරන්න.. නැතොත් අගමැතිකමෙන් යනවා..- රනිල් ජනාධිපතිට දන්වලා…?

 


වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

නව මහ බැංකු අධිපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත් කළ යුතු බවටද ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බවත් එසේ නොකලහොත් ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තමනට ගත නොහැකි බව අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇති බවත් වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාගේ මෙම යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවත් කිසිදු හේතුවක් මත නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් නොකරන බවත් දන්වා ඇතැයි ද වාර්තාව තවදුරටත් කියා සිටියි.

එසේ නම් තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන්ද මුදල් ඇමති ධුරයෙන්ද ඉවත් වීමට පියවර ගන්නා බව අගමැතිවරයා පවසා ඇති බවත් එසේ නම් එසේ කරන්නැයි ජනාධිපතිවරයා පවසා ඇති බවත් තව දුරටත් එම වාර්තාව සදහන් කරයි.

– ‘මව්රට’ ඇසුරිනි

Post a Comment

0 Comments