රුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
ඒ, එරෝෆ්ලෝට් ගුවන් සේවයට අයත් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කිරීම හේතුවෙනි.
රුසියානු ගුවන් යානය මෙරට රඳවා ගැනීමට අදාළ ගැටලුව වහාම විසදීමට බලධාරීන් පියවර ගතයුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ දෙරට අතර සබඳතාවලට මෙන්ම මෙරට ට ආර්ථික වශයෙන් විශාල හානියක් සිදුවීමට පෙර අදාළ ගැටලුව විසඳීම සඳහා වහාම අවශ්‍ය පියවර ගතයුතු බවය.
0 Comments