ලෝක සාගර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාගර පත්ල පිළිබඳ අධිකාරිය සංවිධානය කළ නිර්මාණ තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නයනාංජනී මොනරවිලට හැකියාව ලැබී ඇත.
මෙම තරගයේ ප්‍රමුඛතම අරමුණ වූයේ ගැඹුරු මුහුදේදී සිදු කරන පරීක්ෂණ දිරිමත් කිරීම වන අතර ඇය මෙම ජයග්‍රහණය ලැබුවේ වයස අවරුදු 16 වැඩි ලොවපුරා තරගකරුවන් අභිබවමිනි.
නයනාංජලී මොනරවිලගේ නිර්මාණයෙන් මුහුදු පත්ල ගවේෂණය කර ශබ්ද උපකරණ සහ සෝනාර් භාවිතයෙන් සාගර පත්ල ගවේෂණය කරන්නේ කෙසේද යන්න විදහා දැක්වෙයි.
මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානය ජැමෙයිකාව නියෝජනය කරමින් එක් වූ 29 හැවිරිදි Richard Nattoo හිමිකරගත් අතර තෙවැනි ස්ථානය හිමිවූයේ බ්‍රසීලය නියෝජනය කළ 20 හැවිරිදි වියෙහි පසුවන Thammy Gularte Dias වෙතයි.


0 Comments