ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් බාහිර ඉන්ධන සමාගම් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ ඉන්ධන සපයන සමාගම් වෙත තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් මෙන්ම නව පිරවුම්හල්ද විවෘත කිරීමටද අවස්ථාව ලබාදීමට මෙසේ අනුමැතිය හිමි වී ඇති බවයි.
ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන රටවල වල තෙල් සමාගම් සමඟ දීර්ඝකාලීන ගිවිසුම් ගත වීමටත් ඒ හරහා මෙරටට විදේශ විනිමය පීඩනයක් ඇති නොවන ලෙස ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව අදාල සමාගම් වලට මෙරට ඉන්ධන ආනයනය බෙදාහැරීම සහ අලෙවි කිරීමට අවස්ථාව හිමිවෙයි.
දැනට මෙරට ඉන්ධන සැපයුමෙන් සියයට අනුවක් තෙල් සංස්ථාව විසින් හා ඉතිරිය ඉන්දීය තෙල් සමාගම විසින්ද සපයනු ලබයි.
0 Comments