ඩීසල් සීමා වෙයි

 


ඉන්ධන පිරවුම්හල් අසළ යළිත් පෝලිම් ඇති වී ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

වෙළෙඳපොළට ඩීසල් නිකුත් කිරීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කිසියම් සීමාවකට අනුව කටයුතු කරන බව එහි උප සභාපති කුසුම් සන්දනායක කොළඹදී අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පසුගිය දින කිහිපය තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 2500 ක පමණ ප්‍රමාණයක් දිවයින පුරා ඇති පිරවුම්හල්වලට බෙදා හැර ඇති අතර එය ප්‍රමාණවත් නොවන බවයි.

Post a Comment

0 Comments