පවතින දැඩි ඖෂධ හිගය උතුරේ රෝහල් වෙතටද බලපා ඇති අතරම නිවෙස්හි ඇතිකරන සුරතල් සතුන් මෙන්ම අයාලේ යන සුනකයින්ගෙන්ද ප්‍රෙව්ශම් වන ලෙසට උතුරු පලාත් මහජන සෞඛ්‍ය නිලධාරීන් උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටිති.
එමෙන්ම සුනකයින් සහ බළලුන් සපාකෑම සහ සූරා කෑම හේතුවෙන් ප්‍රතිකාර සිදුකරන ජලභීතිකා එන්නත ඇතුලු ඖෂධ වර්ගන්වල දැඩි හිගයක් පවතින බැවින් ජනතාව මේ දිනවල ප්‍රවේශමෙන් කටයුතු නොකරන්නේනම් ජීවිත අවධානම් දක්වාද වර්ධනය විය හැකි බව සෞඛ්‍ය නිලධාරීන් විසින් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් නිවසේ ඇති කරන සුරතල් සතුන් වෙනුවෙන් අවශ්‍ය කෙරෙන එන්නත් හැකි ලෙසින් ලබා දිය යුතු බවටත් වෙනදාට වඩා සුරතල් සතුන්ගෙන් ප්‍රවේශම් වී පවතින අවධානම් තත්වය මඟහරවා ගැනීමට ජනතාව අවධානය යොමු කලයුතු බවටද දැනුම් දී ඇත.
මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ ඇතුලු උතුරේ පිහිටි මූලික රෝහල් රැසක බාහිර රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග හිග වීම හේතුවෙන් අදාල ඖෂධ ෆාමසි හරහා අධික මුදලකට රෝගී ජනතාවට ලබාගැනීමට සිදුවීම හේතුවෙන් එම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මෙන්ම ගැටලු රැසකට මුහුණපා සිටිති.
0 Comments