කංචන කටාර් යයි

 


විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඊයේ (27) රාත්‍රී කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්ධන සහ ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ වන අතර ඉන්ධන ලබාගැනීම සඳහා එහිදී මූලිකත්වය හිමිවනු ඇත.

ඊට අමතරව ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා රුසියාවට යාමට නියමිතව තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා අද (28) අලුයම ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති අතර ඉන් අනතුරුව රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ඉන්ධන හිඟය සහ එමඟින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ මොහොතේදී මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලඥයින් භාරගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් සංකීර්ණ වී තිබෙන ජන ජීවිතයේ සෑම අංශයකටම ඉන්ධන හිඟය මඟින් බලපෑම් එල්ල වී ඇති අතර රජය විසින් නිසි කළට නිවැරදි සහ විශ්වාසනීය තොරතුරු මහජනයාට සැපයීමට අසමත් වීම පිළිබඳ දැඩි කනස්සල්ල පළකරන බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනය මඟින් දැනුම් දී තිබේ.


Post a Comment

0 Comments