රුසියාවේ ප්‍රහාරයන්ට නිරතුරුව ලක්වන නැගෙනහිර යුක්රේනයේ පිහිටි වරාය නගරයක් වන ‘මරියුපොල්’ නගරය තුළ මෙම දිනවල කොලරා රෝගය වසංගතයක් ලෙස පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බව මරියුපොල් නගරයේ බලධාරීන් හා සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවා ඇති බවට වර්තා වෙයි.
රුසියානු හමුදා ප්‍රහාරයන් හේතුවෙන් නගරයේ ජල හා සනීපාරක්ෂක පහසුකම් විනාශ වී ගොස් තිබෙන තත්ත්වය මත නගරය තුළ කොලරා වසංගතය පැතිරීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව මරියුපොල් නගරයේ නගරාධිපතිවරයාගේ උපදේශකවරයකු වන පෙට්‍රෝ අන්ද්‍රියුෂෙන්කෝ මාධ්‍යයට පවසා ඇත.
රුසියානු හමුදාවන් නගරයේ රඳවා සිටීම හේතුවෙන් මේ වන විට කොලරා රෝගයට ගොදුරු වී සිටින නගර වැසියන්ගේ සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත තොරතුරු ලබා ගැනීමේ අසීරුතාවයක් පවතින බවද ඔහුන වැඩිදුරටත් සදහන් කර තිබේ.
මරියුපොල් නගරයේ පවතින ජල හිඟය හේතුවෙන් වසංගත රෝග පැතිර ගොස් ලබන වසර අවසන් වන විට නගරවාසීන් 10,000 කට අධික සංඛ්‍යාවක් මියයනු ඇති බවට නගරාධිපති වාදීම් බෝයිචෙන්කෝ පවසා ඇති බවට වාර්තා වී ඇත.


0 Comments