පොලිසියට වංගු දාපු මන්ත්‍රී පුතා වෙනුවෙන් ව්‍යාපාරිකයා ගත්තු අවදානම

 


දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදුනු රවිදු වෙදආරච්චි හා ඔහුගේ බිරිය ඇල්ල ප්‍රදේශයේ හොටලයක සගව සිට ඇති බවට වාර්තා වේ.

ඇල්ල දක්වා ඔවුන්ව රැගෙන ගොස් ඇත්තේ මින් පෙර මොවුන් දෙදෙනා පලායෑමට උපයෝගී කරගත් වාහනයේ හිමිකරුවන ව්‍යාපාරිකයාම බව හෙළි වී තිබේ. මෙම ව්‍යාපාරිකයා පොලිසිය අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර තිබේ. මෙම ව්‍යාපාරිකයාගේ බිරියද මොවුන් දෙදනොට රැකවරණය සැපයූවේ යැයි මින් පෙර අත්අඩංගුවට ගෙන ඇත.

රවිදු වෙදආරච්චි, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ගේ පුත්‍රයා වන අතර දිලිප් වෙදආරචචි ඊයේ (5)මාධ්‍යට ප්‍රකාශකර තිබුණේ සිය පුතා සහ ලේලිය අද(6) දිනයේ පොලීසියට භාරවීමට නියමිත බවයි.

Post a Comment

0 Comments