ජොන්ස්ටන් සහ මහින්ද සැකකරුවන් ලෙස නම් කරයි

 


පසුගිය 9 වැනිදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්ද කහඳගම යන අය සැකකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය එ් බව සදහන් කළාය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක සහ තවත් සැකකරුවන් 11දෙනෙකු ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මැයි මස 9 වැනිදා ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති වූ සිද්ධීන්ට අදාළව එම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි එම සැකකරුවන් අද යළි අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

Post a Comment

0 Comments