අද (09) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
කෙසේවෙතත් කඩිනමින් ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පෙන්වා දෙයි.
ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක නෞකාවක් ඊයේ (08) දිනයේ දිවයිනට ළඟා වු අතර ඒ සඳහා වන අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ඉතිරි මුදල ගෙවීමෙන් පසු ගෑස් තොගය ගොඩබෑමට කටයුතු කෙරේ.
එම ගෑස් තොගය දින 6කට ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.
0 Comments