මගේ අත්වල ලේ තැවරිලා තියෙනවා කියලා සමහරු මට චෝදනා කරනවා.

 


 YouTube නාලිකාවක් සමග පවතී වැඩසටහනකට එක්වෙමින් චාල්ස් තෝමස් සහෝදරයා තමාට එලවන චෝදනා පිළිබද යම් පැහැදිලි කිරීමක් පසුගියදා සිදුකර තිබුනා. එහිදී ඔහු කරනා කිහිපයක් පිළිබද මෙසේ සදහන් කර තිබුනා 

අවංකවම මම ඩඩ්ලි රාජපක්ෂත් එක්ක ගෝඨාභය කියන නම කිව්වෙත් නෑ, මහින්ද කියන නම කිව්වෙත් නෑ, මට එකක් අදාලත් නෑ. ඕනෙත් නෑ. ඉතාම සුහදව අපි දෙන්නා කතාබහක යෙදුණා. උපරිම මම ඒ ගෙදර  පැය භාගයක් ගත කරන්න ඇති. තවත් ශ්‍රී ලාංකිකයෝ දහයක් පහළොවක් ඒ ගෙදර හිටියා.

මේකෙ අනිත් පැත්ත කලා දැන් ටික දවසකට ඉස්සෙල්ලා. මම රටම ගිනි තිබ්බා කියලා. කණ්ඩායම් දෙකක් ඒක මුල් කරගෙන මට දරුණු විදිහට මඩ ගහන්න ගත්තා.

එතනදි මා බොහොම පැහැදිලි ලෙස ඉල්ලා සිටියා මේ මැරකම් කරලා එලියට යන්න දෙන්න එපා කියලා. මම එතනදි පැහැදිලිව කියනවා පොලිස්පති තුමනි, හමුදාපති තුමනි, දේශබන්දු තෙන්නකෝන් උසස් පොලිස් නිලධාරීතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා මේ අයව අත්අඩංගුවට ගන්න කියලා. මේ අයව අත්අඩංගුවට ගන්න සියලුදෙනාම සහය දෙන්න කියලා. ඒ වෙලාවේ ඒ දේ කළා නම් මේ බස් එකක්වත් විනාස වෙන්නෙ නෑ. අනිත් එක මම ඒ වෙලාවේ FB  live ඇවිල්ල කියලා මට මිනිත්තු 20කින් පුළුවන්නම් ලංකාවේ ස්ථාන පනහක, හැටක එහෙම දෙයක් කරන්න එහෙනම් ඉතින් මං ගැන වෙනම කතා කරන්න වෙනවා.

මිනිස්සුන්ට ඉරිසියාව තියෙනවා නම්, කුහකකම තියෙනවනම්, විරුද්ධ වෙන්න ඕනේ නම් මිනිස්සු ඕනෙම දෙයක් තියෙනවා. හැබැයි ඉතින් මේ සියලු දේවල් මැද මම අවුරුදු 25ක් මේ ගමන ආවා.

තව මම දැක්කා වාසුදේව සහෝදරයාගේ පුතා හිවුස්ටන් ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් හිටියා. ඒ ප්‍රෝග්‍රෑම් එකේදි අපි දෙන්නාගේ හමුවී ඉතාම සුහදව අපි කතා කලා, එතකොට ඒකෙ පින්තූරයක් දාලා, මට අවස්ථාවක් ලැබුණා චාල්ස් සහෝදරයා හමුවෙන්න කියලා දාපු එකට මම දැක්කා මිනිස්සු දාලා තියෙනවා, ඔහුගේ අත්වල ලේ තියෙනවා උඹ අත හෝද ගනින්, ඔබ දන්නවද බෞද්ධයන්ගේ මොළ හෝදන කෙනෙක්, මේ වගේ දේවල් ගොඩක් දාලා තිබුණා. එතකොට මේ මේ තමයි ලංකාව. මේ දේවල් තමයි අපි හදා ගත යුත්තේ. එතකොට ඇමරිකාවට ආවා කියලා බලුනගුට උණ පුරුකේ දාලවත්  ඇද ඇරෙන්න නෑ  කියනවා වගේ මෙහේ ඇවිල්ලත් ඒ දේවල්ම කරනවා.. 

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න

3

Post a Comment

0 Comments