වාහන මිල ගණන් අඩු වෙයි

 


පසුගිය සති කිහිපය තුළ වාහන මිල ගණන් වලට පහත බැසීමක් දක්නට ඇති බව භාවිතා කරන ලද වාහන අලෙවිකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ලක්ෂ 36කට පමණ අලෙවි කිරීමට දමා තිබූ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථ මිල මේ වන විට ලක්ෂ 31ක් 30ත් අතර ප්‍රමාණයකට පහත බැස ඇති බවයි.

රට තුළ ඉන්ධන නොමැතිවීම ඊට ප්‍රධානතම හේතුවිය හැකි බවට ඔවුන් වැඩි දුරටත්  පෙන්වා දෙයි.

එමෙන්ම බැංකු මගින් ණය ලබාදීම අඩු කිරීම සහ ලීසිං සදහා ලබාදෙන පොළී ප්‍රමාණය ද මේ වන විට ඉතා ඉහළ අගයක් ගනු ලබයි.

එමෙන්ම වාහන නඩත්තු සදහා වන අමතර කොටස් වල මිල ගණන් ද ඉතා අධික ලෙස ඉහළ ගොස් තිබේ.

මෙම සියලු තත්ත්වයන් සමග මෝටර් රථ වලින් රාජකාරි කටයුතු සහ එදිනෙදා වැඩකටයුතු සිදුකරගත් ජනතාව මේ වන විට පොදු ප්‍රවාහන සේවයට යොමු වෙමින් තිබීම තවත් හේතුවක් වී ඇත.

Post a Comment

0 Comments