සිය පෞද්ගලික ධනයෙන් නව ආගමන විගමන කාර්යාලයක් යාපනයේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ධම්මික පෙරේරා පවසනවා.
ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහනට ඊයේ (27) සභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
“දැනුත් වෙබ් සයිට් එකට ගියොත් අද දැම්මොත් කවද්ද එන්න පුළුවන් කියලා ඔන්ලයින් අගෝස්තු 23 තමා එන්නේ. එදාට තමා ඔබතුමාට පාස්පෝට් එක හම්බෙන්නේ. මෙහෙම දීලා ශ්‍රමිකයෝ රට යවන්න බැහැනේ. මේක වේගවත් කරන්න ඕනේ. මාව ආය ගෙන්වන්න මාසයකින් දෙකකින් විතර. ගෙනල්ලා ඔය ප්‍රශ්න ටික ඔක්කෝම අහන්න.”
ප්‍රශ්නය – දීපව්‍යාප්ත කරන්න හදනවා ද?
“මාතර ශාඛාවක් තියෙනවා. ඒකේ එක්දින සේවය නෑ. ඒ නිසා මාතර පැත්තේ අය කොළඹ ඇවිල්ලා රෑ නිදිමරලා, පෙට්ටිවල බුදියගෙන ඉන්නේ. ඒ නිසා එක්දින සේවය මාතර පටන් ගන්නවා. මහනුවර තියෙනවා ශාඛාවක් ඒකෙත් එක්දින සේවය නෑ. එතන අයත් කොළඹ ඇවිත් තමා එක්දින සේවය ගන්න පෝලිමේ ඉන්නේ. එතැනත් ඒක පටන් ගන්නවා. වව්නියාව, යාපනය ඉන්න අයත් කොළඹට එනවා. වව්නියාවෙත් පටන් ගන්නවා. මට කුරුණෑගල නම් පින්ටර් එකක් නෑ කියලා තමා තියෙන්නේ. මට ජනාධිපතිතුමා කිව්වා තව පළාත් පහක කාර්යාල 5ක් අරින්න කියලා. පළවෙනි එක මගේ සල්ලිවලින් මම යාපනයේ අරිනවා. ටෙන්ඩර් කෝල් කරන්න ගියොත් මාස 6ක් වගේ යනවා නේ. අනිත් ඒවට ඩොනේෂන් වගේ ගන්න පුළුවන් නම් ඉතුරු 4ත් ඒ විදියට හදාගන්නවා.”


0 Comments