ගොවීන් වී අතහැර සෝයා වවති

 පොහොර අර්බුදය නිසා වී වගාකිරීමට නොහැකි බොහෝ ගොවීන් මේ වනවිට වෙනත් භෝග වගාකිරීම සඳහා යොමුවී තිබේ.

පොහොර අර්බුදය මධ්‍යයේ වී ගොවිතැන සිදුකිරීම අසීරු කාර්යයක් වී ඇති නිසා අනුරාධපුර ඔත්තප්පුව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් වී ගොවිතැනෙන් ඈත් වී සෝයා වගාකිරීමට යොමුවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ සෝයා වගාකිරීම සඳහා පොහොර වැඩි වශයෙන් අවශ්‍ය නොවන බැවිනි.

අක්කර 40කින් සමන්විත පාදුක්ක ගලගෙදර වෙල්යාය පොහොර අර්බුදය නිසා අස්වැද්දීම පමාකර තිබුණු අතර ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයකට පිළියමක් ලෙස යළිත් ගොවීන් කුඹුර අස්වැද්දීම ආරම්භ කර තිබේ.

පොළොන්නරුව මහනගර සභාවේ නගරාධිපතිගේ උපදෙස් අනුව එහි සේවකයින් නගර සභා පරිශ්‍රය තුළ මේ වනවිට සාර්ථක බෝග වගාවක් පවත්වාගෙන යන අතර එම වගාකරන එළවළු සහනදායි මිලක් යටතේ නගර සභා කාර්යමණ්ඩලය සඳහා ලබාදෙයි.

Post a Comment

0 Comments